BBC News, සිංහල - ප්‍රධාන පුවත්
ප්‍රධාන පුවත
ගෝඨාභයගේ ඉල්ලීම අභියාචනාධිකරණය ඉවත දමයි: ඊළඟ පියවර ගැන දැනුම් දෙයි
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් තමන් අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (ඔක්. 01) නියෝග කළේ ය.
ඊශ්‍රායලය බලා ගිය Flydubai ගුවන් යානය තුළදී තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්වූ 'වීර' ගුවන් නියමුවා කවුද?
බදාදා (සැප්: 30) ඊශ්‍රායලය බලා පියාසරකරමින් තිබූ ගුවන් යානයක් තුළදී තියුණු ආයුධයකින් පහර කෑමෙන් තුවාල ලැබූ නියමුවා, ඉන්දීය ජාතික කපිතාන් ස්මිත් මච්චාර් (Capt Smit Machchhar) ලෙස හඳුනාගෙන ඇත.
වසර 200කට පසු ටෙනිසිහි මරණ දණ්ඩනයට ලක් වූ පළමු කාන්තාව; මාරාන්තික එන්නත් දෙකක් ලබා දුන්නද දණ්ඩනය ක්‍රියාත්මක කිරීම අසාර්ථකයි
මේ වන විට වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන ඇය, ටෙනසී ප්‍රාන්තයේ මරණ දඬුවම නියම වී සිටි එක ම කාන්තාව වූවා ය. එම ප්‍රාන්තයේ මීට වසර 200කට අධික කාලයක් තිස්සේ වෙනත් කිසිදු කාන්තාවකට මරණ දඬුවම ක්‍රියාත්මක කර නොමැත. දඬුවම ක්‍රියාත්මක කරන අතරතුර ලබා දුන් මාරාන්තික එන්නත් දෙකක් ලබා දීමෙන් පසුවත් ඇගේ හදවත තවමත් ස්පන්දනය වෙමින් පැවතීම නිසා රෝහල් ගත කර ඇති බව ඇගේ නීතිඥවරයා පවසයි.
මාස 10කට පසු උඩරට දුම්රිය හෙට සිට යළි ධාවනයට: නව කාලසටහන මෙන්න
දිට්වා සුළි කුණාටුවෙන් දැඩි ලෙස මාර්ගයට හානි වීමෙන් ඇණහිට තිබූ උඩරට මාර්ගයේ පේරාදෙණිය සහ ගම්පොළ දක්වා දුම්රිය ධාවනය මාස 10කට අධික කාලයකට පසු හෙට (ඔක්: 2) සිට යළි ආරම්භ වෙයි.
Flydubai මගී ගුවන් යානයක උඩු ගුවනේදී නියමුව���් අතර ඇතිවූ ගැටුම: මෙතෙක් දන්නා කරුණු
පුද්ගලයන් 150කට ආසන්න පිරිසක් රැගත් FZ1073 ගුවන් ගමනේ මගීන්ගෙන් බහුතරය ඊශ්‍රායල ජාතිකයන් වූ අතර, එය බෙන් ගුරීයන් ගුවන් තොටුපොළට ගොඩබැසීමට නියමිතව තිබුණ ද ඒ වෙනුවට උතුරු නැගෙනහිර සෞදි අරාබියේ පිහිටි ටාබුක් ගුවන් තොටුපොළට ගොඩ බස්වන ලදී.
BBC News සිංහල දැන් WhatsApp ඔස්සේ
ඔබට ඩේටා ඉතුරු කර ගැනීමට අවශ්‍ය ද?
අවම ඩේටා ප්‍රමාණයකින් කියවිය හැකි අපගේ පෙළ පමණක් සහිත වෙබ් පිටුව කියවන්න
වෘත්තීය සහ දිවිමග
විශේෂාංග
අවසරයකින් තොරව පෞද්ගලික චැට් ප්‍රසිද්ධ කිරීම: පෞද්ගලිකත්වය සුරැකීමට නීතියක් තිබේ ද?
යම් කිසි පාර්ශවයක් සමග සිදුකළ පෞද්ගලික සංවාද (Chats) කිසිදු අවසරයකින් තොරව තවත් පාර්ශවයක් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කිරීම පසුගිය කාල සීමාව පුරා විටින්විට නිරීක්ෂණය විය. පෞද්ගලිකව සිදුකරන ලද සංවාද මෙලෙස සමාජ මාධ්‍ය හරහා අනෙක් පාර්ශවයේ අවසර ඇතිව හෝ නොමැතිව පළකිරීම සම්බන්ධයෙන් ඇතැම් පිරිස් ප්‍රශ්න කර තිබෙන අයුරු බීබීසී සිංහල වෙත නිරීක්ෂණය විය.
'ශ්‍රී ලංකාව ආසන්න මුහුදේ ඇමෙරිකානු සම්බාධක පැනවූ ඉරාන නෞකා 21ක්' - BBC නිරීක්ෂණයකින් හෙළිවේ
“ස්වෛරී රාජ්‍යයක් විදිහටත්, ජාත්‍යන්තර සාගර සම්මුතියට අත්සන් කරලා රටක් හැටියටත් මෙතැනදී ප්‍රශ්නය එන්න හැකියාව තියෙනවා ශ්��රී ලංකාවට. ස්වෛරී රාජ්‍යයක් හැටියට යුදමය නොවන තත්ත්වයකදී ඕනෑම රටකට සහය දෙන්න ශ්‍රී ලංකාවට කටයුතු කරන්න වෙනවා. මේ වගේ අවස්ථාවක් තමයි පහුගිය මාර්තු මාසයේදී ඉරානයේ ‘IRIS බුෂෙහර්’ නෞකාවට රැකවරණය ලබා දුන්නේ. ඒ වගේම ජාත්‍යන්තර සාගර සම්මුතියට අත්සන් කරලා තියෙන රටක් හැටියට, අපගේ මුහුදු සීමාවට අයත්වන කලාපයේදී යම් නෞකාවක් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරලා උදව් ඉල්ලුවොත් ශ්‍රී ලංකාවට ඒ සහය ලබාදෙන්න සිද්ධ වෙනවා.”
නාමල්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේපයි: ඔක්තෝබර් 13 දක්වා තවදුරටත් රිමාන්ඩ්
SriLankan ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා මිල දී ගැනීමේදී රුපියල් මිලියන 100ක අල්ලසක් ලබා ගත් බවට සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (සැප්: 29) නියම කළේ ය.
දරුවන් සම්බන්ධ රැකියාවක් අවශ්‍ය නම් මේ සහතිකය අනිවාර්ය යි? එය ලබාගන්නේ කෙසේ ද?
දරුවන් සමග ඍජුව සම්බන්ධ වන රාජ්‍ය සේවයේ රැකියා සඳහා බඳවා ගැනීමේදී ළමුන් පිළිබඳ අපරාධවලට සම්බන්ධ වැරදිකරුවෙකු නොවීම එම රැකියාව ලබා ගැනීමට සුදුසුකමක් ලෙස නම් කිරීමට රජය පියවර ගනිමින් සිටියි. තව ද, දැනට රාජ්‍ය සේවයේ නිරතව සිටින දරුවන් සමග සම්බන්ධ වන රැකියාවල නිරත රාජ්‍ය නිලධාරීන්ට ද අදාළ රැකියාව ඉදිරියට කරගෙන යාමේදී මෙම සහතිකය ලබා ගැනීම අනිවාර්ය කිරීමට කටයුතු කරන බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් පැවසුවා ය.



















































