රථ වාහන දඩ GovPay හරහා මාර්ගගත ක්රමවේදය ඔස්සේ ගෙවීම ආරම්භවේ රථ වාහන වැරදි සම්බන්ධයෙන් පොලීසිය විසින් රියදුරන්ට නිකුත් කරනු ලබන දඩ පත්රිකාව මාර්ගගත ක්රමවේදය ඔස්සේ ගෙවීම සඳහා ආරම්භ කර ඇති නියමු ව්යාපෘතිය සම්බන්ධව විශේෂ දැනුවත් කිරීමේ ප්රවෘත්ති සාකච්ඡාවක් ඊයේ දින (11) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ගරු ප්රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්ය බිමල් රත්නායක, ගරු ඩිජිටල් ආර්ථික නියෝජ්ය අමාත්ය එරංග වීරරත්න,මාර්ග ආරක්ෂාව සහ රථවාහන දිසාව භාර නියෝජ්ය පොලිස්පති ඉන්දික හපුගොඩ සහ LankaPay ආයතනයේ ප්රධාන විධායක නිලධාරී චන්න ද සිල්වා, ICTA හි අධ්යක්ෂක මණ්ඩල සාමාජික හර්ෂ පුරසිංහ, රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂක ජනරාල් හර්ෂ බණ්ඩාර යන මහත්වරුන්ගේ ප්රධානත්වයෙන් පැවැත්වුණි. මෙම ව්යාපෘතිය අනුව, GovPay හා සම්බන්ධ ඕනෑම අන්තර්ජාල/මොබයිල් බැංකු පෝටලයක් හෝ GovPay හා සම්බන්ධ ඕනෑම ජංගම දුරකථන යෙදුමක් හරහා ඕනෑම ස්ථානයක සිට ඕනෑම වෙලාවක අදාළ දඩ මුදල ගෙවීමේ පහසුව රියදුරන්ට දැන් අත්විඳිය හැක. නියමු ව්යාපෘතිය කුරුණෑගල සිට අනුරාධපුර දක්වා තිබෙන පොලිස් ස්ථාන 11ක් සම්බන්ධ කරගනිමින් සිදුකෙරෙන අතර ඉදිරියේදී එය රට පුරා ක්රියාත්මක කිරීමට නියමිතය. ඩිජිටල් ආර්ථික අමාත්යාංශය, ICTA ආයතනය හා LankaPay එකව හඳුන්වාදී තිබෙන GovPay - රාජ්ය ඩිජිටල් ගෙවීම් වේදිකාවේ එක් මූලික අරමුණක් නම් ඩිජිටල් තාක්ෂණය ඔස්සේ කාර්යක්ෂම, විනිවිදභාවයකින් යුතු, අක්රමිකතාවලින් තොර රාජ්ය සේවයක් බිහිකිරීමයි. එමගින් මහජනතාවට වඩාත් කාර්යක්ෂම සේවයක් සැලසීම මෙන්ම රටේ ආර්ථිකය නඟා සිටුවීමේ දැවැන්ත වැඩපිළිවෙළකටත් ප්රවේශයක් සැලසෙනු ඇත. GovPay හරහා රථවාහන දඩ ගෙවීමේ වැඩපිළිවෙළ මෙම සේවය මහජනතාවට වඩාත් සමීප කරනු ඇතැයි, ශ්රී ලංකාවේ ජාතික ගෙවීම් ජාලය ලෙස අපි විශ්වාස කරමු. මේ වන විට රජ්ය ආයතන 30ක් GovPay හා සම්බන්ධ වී ඇත. මෙය, මේ වසර අවසානය වනවිට ආයතන 100ක් දක්වා ඉහල නැංවීමට අපි බලාපොරොත්තු වෙමු. #LankaPay #ICTA #SriLankaNews #DigitalSriLanka #srilankadaily #DigitalEconomy #DigitalGovernment #InnovationForAll #digitaleconomysl #SriLanka #DigitalTransformation #DigitalEconomySL #DigitalSrilanka
-
-
-
-
-
+2
MSc in Purchasing, Global Logistics & Supply Chain Management, University Of Bedfordshire UK
3wGovPay currently supports only a single community, whereas Sinhala and Tamil are both official languages of the country. It would be beneficial to ensure inclusivity by accommodating all communities. NO RACISM 👎 👎 👎